පළමු සටහන
උපුටා ගැනීම " අත්දැකීම්, ගීතය සහ රත්න ශ්‍රී විජේසිංහ" කර්තෘ - අරුණ වේරගල, ප්‍රකාශක - එස්. ගොඩගේ සහ සහෝදරයෝ
වෙල්ලස්සේ ගීතය උපත ලබන්නේ රත්න ශ්‍රී විජේසිංහයන් ලැබූ
පෞද්ගලික අත්දැකීමක් පදනම්ව ය. එවකට රත්න ශ්‍රී ගුරුවරයෙක් ලෙස මොනරාගල සේවය කළේය. බහු ජාතික සමාගමක් පැමිණ පැල්වත්තේ ගොවියන්ගේ ගම් බිම් කොල්ලකා ගැනීමේ සිද්ධිය මේ ගීයේ උපතට මුල් වේ. පැල්වත්තේ ගොවියන් නගරයට පැමිණ මේ සිදුවීම් මාලාවට විරෝධය පළ කරනවා රත්න ශ්‍රී විජේසිංහයන්ගේ ඇස ගැටෙයි. ඔහු ද ගොවීන්ගේ විරෝධතාවයට එක්වෙයි. "බහුජාතික සමාගම් සිඹ පිළිගනිමු' යන බලධාරීන්ගේ මතය ගොවීන්ගේ ගම් බිම් උදුරා ගැනීමට රුකුල් දෙයි. මේ සුවිසල් අසාධාරණය දුටු අත්විඳීම් සජීවීව විඳගත් රත්න ශ්‍රී විජේසිංහයෙඔ වෙල්ලස්සේ ගීතය ලියූහ. "වෙල්ලස්සේ ගීතය" යන හැදින්වීම ගීතයට අන්වර්ථ බව පෙනෙන්නේ වෙල්ලස්සේ වැසියන් මේ ගීතයට දක්වන ආදරය හා ගරුත්වය දකින විටය. ගීතයේ වචන මෙසේය.
බිම්බරක් සෙනඟ ගැවසුන චන්ද්‍ර සූර්යා ඉපදුන
ස්වර්ණ භූමියේ මනරම් මාලිගාව කෝ..
යුද්දෙකට ඇවිත් රුපුසෙන්
සත් මුහුදු මතින් ගුවනින්
කම්බි වටකරේ මනරම් මාලිගාව කෝ.....
මාලිගාව කෝ..
ට්‍රැක්ටරේ යකඩ ගජසෙන් කුංච
නාදයෙන් ඇලලුණ
වෘක්ෂ දේවතාවන් බිම වැටී පන ගසයි..
මිනී මල් පිපුණු සීතල පුන්‍ය භූමියේ ඇටකටු
හතර රියන් කඩ අහිමිව විලාපය නඟයි
විලාපය නඟයි..
බිම්බරක් සෙනඟ ගැවසුන චන්ද්‍ර සූර්යා ඉපදුන
ස්වර්ණ භූමියේ මනරම් මාලිගාව කෝ..
යුද්දෙකට ඇවිත් රුපුසෙන්
සත් මුහුදු මතින් ගුවනින්
කම්බි වටකරේ මනරම් මාලිගාව කෝ..
මාලිගාව කෝ..
කැලෑ මල් පිපී රතු තොල් වලින් කෑ ගසා ඉල්ලන
ජාතියේ නිධානයෙ රන් රුවන් කරඬු කොයි
වෑ කන්ද කඩා බිම් කටු කම්බියෙන් බෙදා
මේ රණ බිමේ හිස ගසා දමනා කඩුව බිම දමව්..
කඩුව බිම දමව්..
බිම්බරක් සෙනඟ ගැවසුන චන්ද්‍ර සූර්යා ඉපදුන
ස්වර්ණ භූමියේ මනරම් මාලිගාව කෝ..
යුද්දෙකට ඇවිත් රුපුසෙන්
සත් මුහුදු මතින් ගුවනින්
කම්බි වටකරේ මනරම් මාලිගාව කෝ..
මාලිගාව දෝ..
ගායනය - ගුණදාස කපුගේ
සංගීතය - ගුණදාස කපුගේ
පද රචනය - රත්න ශ්‍රී විජේසිංහ
ස්වර්ණ භූමියේ මනරම් මාලිගාව කෝ..
යුද්දෙකට ඇවිත් රුපුසෙන්
සත් මුහුදු මතින් ගුවනින්
කම්බි වටකරේ මනරම් මාලිගාව කෝ.....
මාලිගාව කෝ..
ට්‍රැක්ටරේ යකඩ ගජසෙන් කුංච
නාදයෙන් ඇලලුණ
වෘක්ෂ දේවතාවන් බිම වැටී පන ගසයි..
මිනී මල් පිපුණු සීතල පුන්‍ය භූමියේ ඇටකටු
හතර රියන් කඩ අහිමිව විලාපය නඟයි
විලාපය නඟයි..
බිම්බරක් සෙනඟ ගැවසුන චන්ද්‍ර සූර්යා ඉපදුන
ස්වර්ණ භූමියේ මනරම් මාලිගාව කෝ..
යුද්දෙකට ඇවිත් රුපුසෙන්
සත් මුහුදු මතින් ගුවනින්
කම්බි වටකරේ මනරම් මාලිගාව කෝ..
මාලිගාව කෝ..
කැලෑ මල් පිපී රතු තොල් වලින් කෑ ගසා ඉල්ලන
ජාතියේ නිධානයෙ රන් රුවන් කරඬු කොයි
වෑ කන්ද කඩා බිම් කටු කම්බියෙන් බෙදා
මේ රණ බිමේ හිස ගසා දමනා කඩුව බිම දමව්..
කඩුව බිම දමව්..
බිම්බරක් සෙනඟ ගැවසුන චන්ද්‍ර සූර්යා ඉපදුන
ස්වර්ණ භූමියේ මනරම් මාලිගාව කෝ..
යුද්දෙකට ඇවිත් රුපුසෙන්
සත් මුහුදු මතින් ගුවනින්
කම්බි වටකරේ මනරම් මාලිගාව කෝ..
මාලිගාව දෝ..
ගායනය - ගුණදාස කපුගේ
සංගීතය - ගුණදාස කපුගේ
පද රචනය - රත්න ශ්‍රී විජේසිංහ
වෙල්ලස්සේ ගීතය පසුකාලීන ව සංවිධානය වූ ඇතැම් විරෝධතා ව්‍යාපාරවල පවා ගායනා විණි. මෙම ගීතය ලිවීම සඳහා රචකයා ආභාෂය ලබා ගන්නේ රත්නපුර සමන් දේවාලය ආශ්‍රිතව පවතින පැරණි ජන කවියකිනි.
හෙළ මුදුනෙන් බැස්ස කලට පෙනේය උළු මාලිගාව
බිම්බරකුත් සෙනග ඇවිත් රුවට කෙරෙව් මාලිගාව
දිවා රැයේ අඳුර නසා රන් කොත් බබලන සුබාව
ලංකාවට තිලකයක් ය සබරගමුවෙ මාලිගාව
මෙම ජනකවියේ වචන ගීයේ ස්ථායි කොටසේ සඳහන් ව ඇත්තේ සටන් කවි ආරට ය.
යුද්දෙටත් ඇවිත් සිඳුපිට නැව් නැඟලා පරංගි
උන් නමුත් ඇවිත් කොළඹට ගොඩ බැහැලා
උන් නමුත් ඇවිත් කොළඹට ගොඩ බැහැලා
යන සටන් කවියේ ආලෝකය ගීතයට ලැබී ඇත.
"ගුණදාස කපුගේ මෑත අවදියේදී ගැයූ ගීවලින් ඉතාමත් සාර්ථක ගීය ලෙස අවිවාදයෙන් පිළිගැනෙන ගීය වෙල්ලස්සේ ගීතයයි. එකී ගීතයේ ස්වර රචනයත් ගායනයත් ඔහුගේ ම ය. පද රචනය රත්න ශ්‍රී විජේසිංහගේ ය. වෙල්ලස්සේ ගීතයේ ස්වර රචනය අපූරව ගුණයකින් පිරී ඇත. පැරණි හේවා පන්නයක රණ බිමින් නැඟෙන ඉතිරි වූ කාහල නාදයක් ඒ තුළ නින්නාද වනු ඇසේ. අප ගීතයක් ශ්‍රවණය කරනුයේ විවේකය විනෝදයෙන් ගත් කිරීමට ම නොවේ. සහෘද සිත්හි නව ආකල්ප සහ ජීවන දර්ශනයන් පුබුදු කිරීමට ඕනෑම කලා මාධ්‍යයකට හැකිය."
මහාචාර්ය සුචරිත ගම්ලත් සූරීහු මේ ගීතය පිළිබඳ විචාරයක් සපයමින් මෙසේ සිය අදහස් පළ කරති.
" මේ ගීය රචනා කොට තිබෙන්නේ පැලවත්තේ සිද්ධිය බැහැර සිට නිරීක්ෂණය කොට නො ව විපතට පත් ගොවීන්ගේ කඳවුර සිට ය. එහිදී කවියා ගොවීන් සමඟ අනන්‍ය වෙයි. ගොවීන්ගේ ආත්මය ඔහුගේ ආත්මය නමැති සුවිශද කැටපතෙහි පිළිබිඹු වෙයි.
මෙහිදී ගොවියෝ කුමක් කෙරෙත් ද? තමාට අහිමි කරන ලද ගම්බිම්, ගේ දොර, ගහකොළ, සහ සතුන් සිහිව වැළපෙති.
" මේ ගීය රචනා කොට තිබෙන්නේ පැලවත්තේ සිද්ධිය බැහැර සිට නිරීක්ෂණය කොට නො ව විපතට පත් ගොවීන්ගේ කඳවුර සිට ය. එහිදී කවියා ගොවීන් සමඟ අනන්‍ය වෙයි. ගොවීන්ගේ ආත්මය ඔහුගේ ආත්මය නමැති සුවිශද කැටපතෙහි පිළිබිඹු වෙයි.
මෙහිදී ගොවියෝ කුමක් කෙරෙත් ද? තමාට අහිමි කරන ලද ගම්බිම්, ගේ දොර, ගහකොළ, සහ සතුන් සිහිව වැළපෙති.
බිම්බරක් සෙනඟ ගැවසුන චන්ද්‍ර සූර්යා ඉපදුන ස්වර්ණ භූමියේ මනරම් මාලිගාව කෝ..
ජාතියේ නිධානයෙ රන් රුවන් කරඬු කොයි ?
අහිමි වී ගිය මෙලොව පැවැති අනර්ඝත ම දෙය ලෙස ගොවීන්ට හැඟෙයි.
සෙනඟ නම් ප්‍රථම නිෂ්පාදන බලවේගයයි. මේ ගම්බිම්වල එබඳු සෙනඟ බිම්බරක් ගැවසුණහ. "බිම්බර" යන්න ගැවසුණු සෙනෙඟෙහි අසීමිත භාවය හඟවන්නකි. ගොවියාට සාමූහිකත්වය අවශ්‍ය හෙයින් සෙනෙඟ අවශ්‍යයි. එහෙයින් සෙනෙඟ ඔහුට අගනා වස්තුවක් වේ.
මාලිගාව කෝ? යන්න ගොවියාගේ හද පතුළෙන් නැඟි ශෝකී උක්තියකි.
සූර්යයා ගොවියාගේ වගාවටත් ගොවියාටත් වැඩීමට සහ යැපීමට අවශ්‍ය පෝෂණ පදාර්ථ සපයයි. වැඩ කිරීමට දවස උදා කරයි. ඔහු වෙහෙසට පත් සඳ සැඩ කිරණ හකුලා ගෙන අවරට බහී.
චන්ද්‍රයා තුරු සිදුරෙන් පෙරා එවන නිමල් සඳ පහනින් උදේ සිට රෑ වනතුරු චණ්ඩ සූර්යය තාපයෙන් තැවී දැවුණු ගොවියාගේ ගත සිහිල් කරයි. සිත සැනසුම් කරයි. මෙලෙස සූර්යයා හා චන්ද්‍රයා සමඟ ගොවියාගේ ජීවිතය බැඳී ඇත. තමාගේ සම්භාවනාවට පත් චන්ද්‍රයා සහ සූර්යයා තම බිමෙහි උපන් බව කීමෙන් ඔහු මේ තමාගේකම හඟවයි. නැතිවූ බිම ගොවියාට ස්වර්ණ භූමියකි. රන් නම් මෙලොව ඇති අගනාම වස්තුව යි. අන් සෑම දෙයකම අගය මැකෙන්නේ එයිනි. නැතිවූ බිම රන්මුවා බිමක් සේ ගොවියාට හැඟෙයි. "ස්වරණ භූමිය" යන්න ගොවියා හා පොළොව අතර ඇති අවියෝජනයීය බැම්මත් ඔහු පොළොවට දක්වන අනර්ඝතා හැඟීමත් හකුලා දක්වන්නකි.
තමාගේ නැති වී ගිය නිවාසය ගොවියාට පෙනෙන්නේ මාළිගාවක් ලෙසත්ය. මාළිගාවක් නම් ස්වර්ණ රජත, මුතු මාණික්‍ය ගවමහීසාදී භව බෝග සම්පත් රැස් වී තිබෙන තැනකි. කවියා කියන්නේ ගොවියාගේ පැල් කොටය තුළ මේවා පැවති බව නො ව ගොවියාට තම ගෙපැළ මාළිගාවක් මෙන් වටිනා බව ය.
මාළිගාව කෝ?
යන්නෙන් මේ සියල්ල සිහි වන විට ගොවියාගේ සකල විධ අධ්‍යාත්මය පුරා ඇවිලෙන ගිනි ජාලාව අපට පසක් නොවන්නේ ද?
අනතුරුව ගොවියාට සිහිවන්නේ බහුජාතික සමාගමේ කුලීකාර කොන්ත්‍රාත්කරුවන් තම ගම්බිම් සමතලා කළ ප්‍රචණ්ඩ ආකාරයයි.
යන්නෙන් මේ සියල්ල සිහි වන විට ගොවියාගේ සකල විධ අධ්‍යාත්මය පුරා ඇවිලෙන ගිනි ජාලාව අපට පසක් නොවන්නේ ද?
අනතුරුව ගොවියාට සිහිවන්නේ බහුජාතික සමාගමේ කුලීකාර කොන්ත්‍රාත්කරුවන් තම ගම්බිම් සමතලා කළ ප්‍රචණ්ඩ ආකාරයයි.
යුද්දෙකට ඇවිත් රුපුසෙන් සත් මුහුදු මතින් ගුවනින්
කම්බි වටකරේ
කම්බි වටකරේ
මනරම් මාලිගාව දෝ?
මෙහි 'මාළිගාව දෝ?' යන්න සිදු වූ විනාශය ගැන ගොවියා තුළ උපන් ශෝකාකූල විස්මය පළ කරන යෙදුමකි.
තම මුතුන් මිත්තන්ගේ මිනී වළවල් පවා උගුළුවා විසිකෙරෙන සැටි ගොවියාට පෙනෙයි. 'විලාපය නඟයි' යනුවෙන් මෙහිදී ගොවියා තුළ හටගත් වේදනාව ධ්වනිත වෙයි.
තම පණ නල රැක දුන් වෑ කන්ද කඩා ඇත. බැලූ බැලූ අත භූමිය කම්බි ගසා කොටු කර ඇත.
ගොවියා කුමක් කරන්න ද? ඔහුට මේ විපත දූරිභූත කළ හැකි ද? නොහැකිය. ගොවියා මුහුණ පා සිටින්නේ තමාට වඩා දහස් ගණනක් බලවත් සතුරෙකුට ය. ඔහුට කළ හැකි එක ම දේ කිම? සුසුම් හෙළීම හා වැළපීම පමණි.
මේ රණ බිමේ හිස ගසනා
කඩුව බිම දමවු
කඩුව බිම දමවු
මේ අයැදීම ඉටු වේවි ද? නැත්තේම ය.
අගනා කලා කෘතියක් වින්දෙමු යන පහන් හැඟීම අප හද විනිවිදී. මේ ගීතය ගීත රචකයා සතු සමාජ දර්ශනය මොනවට පැහැදිලි කරයි."
ගී මිණි ආර රසවින්දනය
බීබීසී සිංහල සේවයේ 'ගී මිණි ආර' වැඩසටහනෙහි විකාශයවූ බිම්බරක් සෙනඟ ගීතය (වෙල්ලස්සේ ගීතය ) රසවින්දනයට සවන් දෙන්න.
පසු සටහන
කෙතෙක් අරගල කලද වෙල්ලස්සේ ගොවීහු සටනින් පරාජය වූහ.
පාලකයින්ගේ උවමනාවන් ඉටුකරමින් බ්‍රිතාන්‍යයේ ස්ථාපිත කරතිබූ බුකර් ටේට් (Booker Tate) නම් සමාගමක් අක්කර 60,000ක පමණ උක්වගාවකින් සහ පැල්වත්තේ දැවැන්ත සීනි කම්හලක් කේන්ද්‍ර කරගනිමින් බුත්තල හා වැල්ලවායේ අක්කර දහස් ගණනාවක් සීනි කර්මාන්තයට පවරා ගැණුනි. පැල්වත්ත සීනි සමාගමේ නින්දගම් වූ බිමෙක සිය දහස් ගණනක් ජනයාට කඹුරන්නට සිදුවිය. වනගත ගම් සිය ගණනක ජනයාට බ්ලොක් යැයි යළි නම් කෙරුණු ජනාවාස කට්ටි වල යාන්ත‍්‍රික ජීවිතයකට යළි හුරුවන්නට සිදුවිය. වැල්ලවාය කරමැටිය ගමේ උප්පැන්නය ද 1985 අවුරුද්දේ සිට වෙනස් වූ අතර ගම්මුන්ගේ කටට නුහුරු බ්ලොක් 03 නම් අලූත් නමක් ගමට උරුම විය.
රජයෙන් ලබා දෙන ලද සහනාධාර මත යැපෙමින් ලංකාවේ මිනිසුන්ට වැඩි මිළට සීනි විකුණමින් මෙම සමාගම ටික කලකට පසු විකුණා දැමූ බූකර් ටේට් රටින් පිට වුණේ ය. ඒ වෙනුවට පැමිණි දේශීය ව්‍යවසායකයින් ද බුකර් ටේට්ට වඩා වැඩි වෙනසක් ගෙනාවේ නැත.
වනයෙන් යැපෙනු වෙනුවට උක් දඬු සොයා වගා බිම් වෙතද, ඉන් ඔබ්බට ගම්බිම් වෙතට ද කඩා වදින වල් අලි හසුවන සියල්ල විනාශ කර දමති, මිනී මරති. සිඳී ගිය ආරවල ජල කඳුලක් නැත. උක් වගාවට පෙර නොතිබූ වකුගඩු රෝගය ද ගම්මුන් පෙලීමට පටන් ගෙන ඇත.
පැල්වත්තේ ජීවිත සීනි තරමට පැණි රස නැත.
-පහන්
බිම්බරක් සෙනග අහන්න ගිහින් නොස්ටැල්ජියාව ඇවිස්සිලා සිංදු විස්සක් විතර අහලා ඉන්න උනා පෝස්ට් එක කියවන්න කලින් .. දෑසින් හැමතිස්සෙම වගේ දකින මේ අදෝනාව ඒ මතකත් එක්ක කන් කඩාගෙන පපුවට බහිනවා...
ReplyDeleteඔව්, කළ්‍යාණ මිත්‍ර, සමහරක් ගීත අපෙන් මේ සමාජය දෙස විච්ක්ෂණශීලීව බලන්න ඉල්ලා සිටිනවා. එසේ කිර්‍රිමෙන් පසුව ආපසු ගමනක් නැහැ, ඔවුන්ගේ දුක අපේ දුකක් බවට පත් වෙනවා.
ReplyDeleteමට මේ ගීතය ගැන සටහන කියවද්දි මතක් වුණේ... Land and Shade චිත්‍රපටිය... ඒ ගැන කලකට පෙර තැබූ සටහනක්...
ReplyDelete‘‘බහුජාතික සමාගමක මුවාවෙන් නිස්කලංක ගැමි ගොවි දිවියකට කඩා වදින ධනේෂ්වර මාරක බූවල්ලා ඒ ජීවිතද, භුමිය ද හප කර දමන ආකාරය ඇස කඳුළක් නංවන සංවේදීත්වයෙන් තිරය මත දිග හැරිණි. ආර්ථික අවපාතය තුළ අවදානමට ලක්වන ප්‍රේමය, වෛවාහික බැඳීම්, දූ දරු මාපිය සම්බන්ධතා, මිනිසා සහ පරිසරය අතර වන සබඳතාව... මෙවැනි බොහෝ සංකීර්ණ සියුම් කාරණා පිළිබඳව කතා කරන්නට හොඳ ප්‍ර වේශයක් ඇති කරන චිත්‍රපටයක් ‘‘
බිම්බරක් සෙනඟ ගීතය ගැන හොඳ පැහැදිලි කිරීමක්. ස්තුතියි.
බොහොම ස්තුතියි .මම පළමුවරට මේ ගීතයේ තේරුම දැනගත්තේ .
ReplyDeleteකොත්මලේ ජලාශය ඉදි කිරීමෙදි වුණෙත් මේ දේමයි
ReplyDelete