Thursday, July 21, 2016

කාට අහිමි වුණත් සාදු මල් පිපියන් සැමදා...



සිරි කාලකණ්ණි


ප්‍රේමය හේතු කොටගෙන විඳින්නට සිදුවන අත්දැකීම් නානාප්‍රකාර ය. සංකීර්ණ ය. උනුනට ඇලුම් කරන යෞවන යෞවනියෝ ප්‍රේමවන්තයෝ වෙති. නමුත් සමහරවිට පෙම්වතුන් තම පෙම්වතිය හැර දමා යන්නේ ය. පෙම්වතියන්ද එසේම තම පෙම්වතා හැර දමා යන්නීය. වරෙක රත්න ශ්‍රී විජේසිංහයන්ගේ මිත්‍රයකුගේ පෙම්වතියක් ඔහුව හැර දමා ගියාය. එසේ හැර දැමීමට හේතු වූයේ ඇය බෙහෙවින් බාහිර අලංකාරයට, ආටෝපයට කැමැති තැනැත්තියක වීමත්, ඇයගේ පෙම්වතා එවැන්නකු නොවීමත් ය. මෙම අත්දැකීම මූලික කොටගෙන ‘සිරි කාලකණ්ණි’ නම් ගීතය රචනා විය. ‘සුදු නෙළුම ගී පද සරණියෙහි අන්තර්ගත මේ ගීතය ගායන ශිල්පී කරුණාරත්න දිවුල්ගනේ විසින් ගායනා කරනු ලබයි.


අජානේය ස්කූටර තුරඟා පිට වඩිනා
කුමාරියනි වාත වේගයෙන් ඉගිලෙනු කොතැනා
බදා හිමි දෙවුර එසවී පුරවර සිරි බලනා
විලාසයට නුඹේ කිරුළ බිම වැටෙයි ද සිතුණා

සූසැට ශිල්පය උගෙනා පාරගතව ගියෙනා
පාරේ වැඩට හවුල් වෙන්න උදැල්ල මට ලැබුණා
මා ගත ඩා බිඳු හඳුනා සදය සිනා නගනා
ප්‍රේමවන්ති විලවුන් ගෑ ලේන්සු පට සිඹිනා

සදාකල්ම පෙම්වතුන්ගේ සිහින පුරා පිපෙනා
උදුම්බරා මලක් තියේ ආදරයයි කියනා
රෑ තුන්යම සුවඳ උලා උදැසනින් මැකෙනා
කාට අහිමි වුණත් සාදු මල් පිපියන් සැමදා

ගායනය - කරුණාරත්න දිවුල්ගනේ
ස්වර රචනය - රෝහණ වීරසිංහ
පද රචනය :රත්න ශ්‍රී විජේසිංහ

ජාතක කතා පුවත මූලාශ්‍ර කරගන්නා ගීත රචකයා නූතන පුවතක් අප හමුවට ගෙන එයි. මෙහි සඳහන් තරුණයා උගතෙකි. 


සූසැට ශිල්පය උගෙනා පාරගතව ගියෙනා
යන්නෙන් කියවෙන්නේ එයයි. එහෙත් ඔහුට උගත්කමට සරිලන රැකියාවක් නොලැබේ. ඔහු මාර්ගයේ වැඩ කරන කම්කරු රැකියාවක යෙදෙයි. ඔහු පාරේ වැඩ කරමින් සිටින අතර සිය පුරාණ ප්‍රේමවන්තිය ඔහුව පසුකරමින් යන්නේ අජානේය ඉස්කූටරයක නැගීය. ඇය තම නව ප්‍රේමවන්තයා සමඟ යන අයුරු මුලින් කී තරුණයාගේ ඇස ගැටේ. ඔහු සිය අතීත ප්‍රේමවන්තිය පිළිබඳ මෙලෙස සිතයි.

බදා හිමි දෙවුර එසවී පුරවර සිරි බලනා
විලාසයට නුඹේ කිරුළ බිම වැටෙයි ද සිතුණා

අතීත ප්‍රේමවන්තියට අප කථකයා ආයාචනය කරන්නේ ‘ඇගේ කිරුළ රැකගන්නා ලෙස’යි. එය ව්‍යංග්‍යර්ථ දනවන්නකි. එම ඉල්ලීම තුළ ඇත්තේද ප්‍රේමය ම වේ.

සිය අතීත ප්‍රේමවන්තිය පිළිබඳ කථකයා තුළ පහළවන්නේ යහපත් සිතිවිලි ම වුව ද ඇය ඔහු වෙත හෙළන්නේ සෝපහාස බැල්මකි. 

මා ගත ඩා බිඳු හඳුනා සදය සිනා නගනා

සදය සිනාවක් මුවට නංවාගන්නා ඇය සුවඳ විලවුන් මුසු ලේන්සුපට සිඹිමින් සිය අතීත ප්‍රේමවන්තයා වෙත රිදුම් ගෙන දෙන්නට තරම් පෙළඹෙයි. සුවඳ විලවුන් මුසු ලේන්සුව සිඹගන්නේ ඩා බිඳුවල ගඳින් මිදෙන්නට ය. මේ සියල්ල අතීත ප්‍රේමවන්තයාට හොඳින් දැනෙන්නට වෙයි.

මෙම ගීතය රචනා කිරීමේ දී ජාතක පොතෙහි එන දීර්ඝතම ජාතක කතාව වූ ‘උම්මග්ග ජාතකයෙහි’ සිරි කාලකණ්ණි නම් අතුරු කථා පුවතින් මෙම ගීතය සඳහා මූලාශ්‍ර කොටගෙන කිසියම් ආලෝකයක් ලබා ඇති බව පෙනී යයි. සිරි කාලකණ්නි කතාවේ සඳහන් පරිදි එක්තරා කලෙක දිසාපාමොක් ඇදුරුතුමන්ගේ හොඳම ශිෂ්‍යයා බවට පත්වන්නේ පිංගුත්තර නම් මානවකයා වේ. ඇදුරුතුමන් ගුරුකුල සිරිත රකිමින් ස්වකීය වැඩිවිය පැමිණි රූ සම්පන්න දියණිය පිංගුත්තරට විවාහ කර දෙයි. ජාතක කථාවේ එන පිංගුත්තර විවාහයට අකමැති ය. රූමත් කුමරියට ඔහු ආකර්ෂණය වන්නේ නැත. ගුරු සිත නොරිදවා ඇදුරිදුගේ දියණිය ද විවාහ කොටගෙන වන මැදින් පිංගුත්තර මියුලු නුවර බලා පිටත් වේ.

මියුලු නුවරට ළඟා වෙද්දී පිංගුත්තරට අධික කුසගින්නක් දැනෙයි. ඔහු මියුලු නුවර අසලැති දිවුල් ගසකට නැග දිඹුල් කඩා කන්නට වෙයි. කුමරිය ගස මුල හිඳ තම ස්වාමියා දිඹුල් කනවා දැක තමන්ටත් දෙන ලෙස ඉල්ලුවද ඔහු ඇයට බැණ බැදී උවමනා නම් ගසට නැඟ දිඹුල් කඩා කන ලෙස පවසයි. කුමරිය කුසගිනි බැවින්ම ගසට නැඟ දිඹුල් කන්නට වෙයි. එම අවසරයෙන් පිංගුත්තර කටුරොදවල් ගෙන ගස මුල දමා පැන යයි. මෙම ස්ථානය පසුකර යන රජතුමා ඇයගෙන් තතු විමසා ඇය තම අගබිසෝ තනතුරට පත්කර ගනියි. දිඹුල් ගසේදි හමු වූ බැවින් ඇයට ‘උදුම්බරා’ නමින් නම් තබයි. මෙය අතුරු කථාවේ සාරාංශයයි.

සියලු රිදවුම් මැද ඔහු වඩ වඩා දයාර්ද වේ. ප්‍රේමවන්තයන්ගේ සිහිනවල උදුම්බරාවන් සදාකාලයේම ජීවත් වන බව කථකයා පවසයි. එහෙත් උදුම්බරා මලක සුවඳ රාත්‍රී තුන් යම උලා දැමූ විට ඉතිරිවන්නේ කුමක්ද යන්න ප්‍රශ්නයකි. රාත්‍රී මලක් විකසිත වන්නට පෙර සුවඳ ද එකතු කරයි. එසේ එක්තැන් කරගත් සුවඳ ද සමඟ උදෑසන මලක් අසිරිමත් ව විකසිත වෙයි. සොබාදහමේ මෙකී සත්‍යය ගේය පද රචකයා මෙලෙස දකියි. 

රෑ තුන්යම සුවඳ උලා උදැසනින් මැකෙනා
කාට අහිමි වුණත් සාදු මල් පිපියන් සැමදා


එහෙයින් විකසිත වනවා වෙනුවට රුවට පිපුණු උදුම්බරා මලට සිදුවන්නේ උදෑසනින් මැළවී යාමට ය. අවසානයේ ඇයට අහිමි වීම පමණක් ඉතිරි වන්නට බැරි නැත. අවසානයේ කථකයා සිදු කරන ප්‍රාර්ථනය විසින් ඔහු සතු සැබෑ ප්‍රේමයේ තරම කියාපායි. හැරගිය ප්‍රේමවන්තිය දෙස මෛත්‍රීයෙන් බලමින් ඇයට යහපතක්ම වන්නට ප්‍රාර්ථනා කිරීමෙන් මෙම ගීතය උතුම් මානව ගුණ ප්‍රකට කරයි. 

උපුටා ගැනීම
අරුණ වේරගලගේ ‘අත්දැකීම්, ගීතය සහ රත්න ශ්‍රී විජේසිංහ’ කෘතිය (87 - 90 පිටු)
 

තීර්ථය - භාවමය රළ නගන වින්දනීය ගී ඉවුර
පළමු සංගීත යාත්‍රාව දියත් කිරීම - කුමාරදාස සපුතන්ත්‍රී සමඟ
අගෝස්තු මස 20 දින සවස 7.00 ට ආනන්ද විදුහල් කුලරත්න ශාලාවේදී
සුනිල් එදිරිසිංහ, එඩ්වඩ් ජයකොඩි, දුමාල් වර්ණකුලසූරිය, මීනා ප්‍රසාදිනී
නාලක අංජන කුමාරගේ සංගීතයෙන්, නිලාර් එන්. කාසීම්ගේ මෙහෙයවීමෙන්

Wednesday, July 13, 2016

මල් මාලතී ලතා - නොපිපී බලා හිඳී


මල් මාලතී ලතා
අඳුරේ මිලාන වී
මේ පාළු රාත්‍රියේ
නොපිපී බලා හිඳී
මල් මාලතී ලතා....

වියෝ වේදනාවෙන් සසැලෙන විරහී හිතකටත්, හුදෙකලාවේ ශාන්තිය අත්විඳින සමාධිගත හදකටත් තරු පිරි අහස, සඳ එළිය, තුරු සිරි සිරිය, සීතල මඳ සුළඟ එක මිටට කැටි කරගත්ත නිස්කලංක රැයක් තරම් ඔසුවක්, සුවයක් තවත් නැහැ.

මේ හුදෙකලා රැය පාළුයි, ඒත් නිසංසලයි. මගෙ හිත වගෙයි. මාලතී මලුත් නොපිපී බලන් ඉන්නවා, පරවුණු මලෙක මුදු සුවඳ රැයට මුහුවෙන්න ඉඩ හැර. ජීවිතය හරි විඩාබරයි. ඒත් හිත ළඟ තනි රකින මතකයන් හරි සුන්දරයි. ආදරණීයයි. සුසුමක් වුණත් අත්හරින්න බැරිත් ඒ නිසයි.

හැඬූ සිතේ විඩා නිවා
ඇදේ මාරුතේ
හැපී බිඳෙන ප්‍රේමයේ
සෝ සුසුම් ලෙසේ..
කිසිදාක නොමැත ආදරේට
ලැබී ආදරේ....

‘‘ඔයා එක්ක මොකුත් කතා කරන්න බෑ. කඳුළු ඉස්සර කරගන්නවා. මේ තරම් පුංචි දේවලට අඬන්න එපා. කඳුළු වටිනවා. ජීවිතේ වටින දේ වෙනුවෙන් අඬන්න කඳුළු ඉතිරි කරගන්න.“

ඔයා කියනවා. ඒත්, මේ කඳුළු උල්පත් හිර කරගන්න විදිය තාම මම දන්නෙ නැහැ. කෙනෙකුට ජීවිතයේ ලැබෙන වටිනාම ආදරය අහිමි වීම අඬන්න හේතුවක් නෙවෙයි ද? ඒ ආදරය ඇස් ඉස්සරහ දැල්වෙමින් තියෙද්දිත් ඈතට යන්න වෙන එක දුකක් නෙවෙයි ද? 


අඬන්න මට ඉඩදෙන්න. ඉන්පස්සෙ හෙමිහිට සුවපත් වෙන්න මට පුළුවනි. තනිකමට හුරුවෙන්න මට පුළුවනි. ආදරය කියන්නෙ දෙන දෙයක් මිස ලැබෙන දෙයක් නොවන බව, තිත්ත වුණත් ඒ ඇත්ත පාඩම ආයෙමත් මට ඉගෙනගන්න පුළුවනි. ජීවිතය පුරාම වැරදුණු පාඩම එය වුණත්.

ගැලූ සිනා ගඟේ ගිලී
ගියෙද ආදරේ
හඬා වැටේ ප්‍රාර්ථනා
පෙම් උයන් තෙරේ..
කවදාක සුවඳ යළි දැනේද
නැවුම් ස්නේහයේ...

දුරස්වීමේ වේදනාව මේ තරම් දැනෙන්නෙ අපි ඒ තරම් ම සතුටින් ජීවිතය බෙදා ගත් නිසා නෙවෙයි ද? හැමදාමත් ඒ විදියට ඉන්න බැරි තරම් පවුරු පදනම් අපි වටේට දැනටමත් ඉදිවෙලා. පියාපතක් වගේ සැහැල්ලුවෙන් ඔයා වටේ දැවටි දැවටි ඉන්නයි මට හැමදාමත් උවමනා වුණේ. ඒත් ඒ හීන දවසින් දවස බොඳ වෙලා යනවා. අපි දවසින් දවස දුරස් වෙනවා. අතීතයේ දවස්වල ඔයා මට දුන්නු ඒ නැවුම් ආදරයේ සුවඳ ආයෙ කවදාවත්ම හිමිවෙන්නෙ නැති බව මට දැනෙනවා. ඉතින් ඒ මතකය විතරක් මගෙ හිතේ ඉතිරි වුණාවේ.

සම්මතයේ, සම්ප්‍රදායේ, ජීවන අරගලයේ කටු තුඩු ඇනි ඇනී හැමවිටම හිත රිදවන මේ බන්ධනයට වඩා ඒ මතකය මට හැමදාමත් සුවඳයි.





ගායනය               - එඩ්වඩ් ජයකොඩි
තනු නිර්මාණය    - රෝ්හණ වීරසිංහ
ගේය පද රචනය   - කුමාරදාස සපුතන්ත්‍රී

Tuesday, July 12, 2016

Sunil-Saputhanthri moment



A couple of years ago, an article in Irida Divaina taught me that a work-of-art, be it a poem, song or whatever doesn’t entirely belong to the creator. Once it is given, it’s owned by the recipient. It’s the recipient’s song. Thereafter, It seems that there is no writer or musician behind most of the songs sung today. The good thing is creator isn’t destroyed. Entirely. People wish sometimes that great people be elevated to his rightful place among literary greats. And maybe because of this very reason the writer or lyricist of any creative form is mentioned before it is sung or played. They are often remembered. Praised- In volumes of word and anecdote.

I remember the early mornings and late evenings, when we had an old Sony radio. Which use to function way better than the one we have at the  present.  I remember Amaradewa, Nanda Malini, Somathilake Jayamaha, Kapuge, Rohana Baddage  and many others over the then Radio Ceylon , Broadcasting Cooperation. And among them was Sunil Edirisinghe. Whose songs, I cherished the most. The radio played a greater part in life. This is how I got trained to the song and lyric.

Much later, I learned to appreciate the song better. I became an avid musical show-goer. I witnessed Sandakadapahana thrice, a solo performance by Sunil Edirisinghe. Different days. Different lyrics. Different genres. Always surprises. Between empathy and artistry. So much of lively observation. Intellectual grasp. And Cultural tensions. And the radio became a memory awakening. Eventually.

On a rain-drenched day in 2012, I attended ‘Sunila Vila’. It was an exercise of celebrating 41 years of Sunil Edirisinghe’s singing, which also included the launch of ‘Sunila Vila’, a comprehensive guide to his songs collected and compiled by Pushkara Wanniarachchi. Jayalath Manoratne dabbed the narrative using his musical fact and drawing experiences he has had with Sunil Edirisinghe. Among them was Rohana who had much to share. He recalled the days when he turned up to make music for Sunil’s songs.

Sunil didn’t forget Kumaradasa Saputhanthri. Sunil said like this. ‘සපුගෙනුත් රෝහනගෙනුත් මට ලැබිච්ච ආලෝකය කියා නිමකරන්න බැහැ’ (I cannot express in words how much Saputhanthri and Rohana has done for me). In return Saputhanthri interjected. ‘මටත් එහෙමයි’ සුනිල් මගේ ජීවිතයට ලොකු ආලෝකයක් වුනා’ (Same with me. Sunil rekindled my life). The article that appeared in Irida Divaina was remembered. In a universe, where humility and arrogance intersected. Creators aren’t often dead.  Like Saputhanthri.

Saputhanthri is well aware of the reality in life. He thinks that at some point in life for what we do, we are pained.  He is acutely conscious of pain the world is made of.  And pain   itself is consumed alone. What is most profound in him is that he realizes victory and happiness is illusion. He humbly accepts that what we call ‘sapa’ or luxury in life is temporary satisfaction. And greed serves nothing in the long run. His reflections on this subject are textually powerful.
 

අදින් මතුව යළි  සටන් වදින්නට
රජෙක් නොමැති සිහ අසුන් අරා
සුසුම් නළින් මිස සිතින් බැහැර නොව
හිඳීම් මගේ දුක කිරුල දරා

දිනු විසල් ලොව සිතින් හරින්නෙමි
උතුම් මිනිස්කම මවෙත රඳා
මගේ දෙපා මුල වැටී මෙසේ මම
කියම්  මගේ දුක මටම හඬා



He educates and is educating his audience. Especially for those who don’t know that happiness births   from vedanawa (pain or sorrow). The writer tells us. More often, those who love sob too hard. To love means sorrow. There is heart tremble and dismantled mind. There is terror, fear and longing.

සතුටේ උපත කඳුලයි සදා
හද වේදනා දෝතින් ගෙනා


The truth is, some things in life just don’t come to us.  To reach love’s preferred destinations (or in search of happiness) we got to survive the thorn –road. Saputhanthri understands it. So intimately.

පිපි මල් මතින් පියමන් කළෝ
දිනුවේ ද  කවදා පේ‍්‍රමයෙන්
විඳි වේදනා සතුටින් දරා
පැරදී  ගියේ කවුදෝ  එයින්

Absence, sorrow and despair. When people leave we learn the heavy words. She loves you. Yeah, Yeah, Yeah .Or he loves me. Love? We were and are desperate to grow up and find out about this thing.

පාළු  පැලේ අඳුර පිරේ
මගේ පැලට වරෙන්
හනික සෝඞී නගේ

දුරුතු හඳේ සිහිල වගේ
තනි හිතට මගේ
පාළු දැනෙයි නගේ


She appeared in the strangest ways. And left In most common ways. She disappeared like the mist that wipes away mountains. She’s gone like the rainbow erased by cloud wave.

පාට දේදුනු සේදිලා ඇත කඳුයායේ
සීත රැ  සඳ පීදිලා නීල තරු යායේ

ඈ  ලවන් තෙරේ
සෝ ගී සුසුම් මැවේ
මීදුම් වලා  ලෙසින් පාවී
ඈතින් හැපී  බිඳේ

මා නුවන්  දියේ
පීනා  නැගෙන්  සඳේ
පායා දුරින් ඇදී  ඈ  මෙන්
පාවී  නොයන්  සඳේ
The poet deals with this kind of absence and absenting. This world is made of yugala dharmatha. Short- tall. Bitter- sweet. Happy –sad. Absence and presence. Then there are arrivals and departures. In a world where nothing is permanent, how come love be permanent? This is the law. Ancient. Inexhaustible.

සයුර ඉම රතු සිතිජ රේඛාවේ
මියෙන හිරු සේ ගිලී බිම් අඳුරේ
තලා මා සිත පලා ගිය ඔබ දවයි මා
තනිවෙනා මොහොතින්


His expression of poverty is fascinating. Saputhanthri has captured capitalism in a few chunks. Sensitive. And empowering. He is bestowed with words that roll out effortlessly. He affirms that there is a line dissecting the impoverished and those enriched.

හිතේ ගින්න අවුලා ගෙන සුරතල් පොඩි එවුන්ගේ
කුසේ ගින්න සනහන්නයි අතුරේ පිය මනින්නේ
මලට කලින් අපි තැලිලයි පූදින මල් තලන්නේ
අපේ දුකට හඬන මලේ කඳුලයි පැණි කෙරෙන්නේ  

This line struck me the most: මලට කලින් අපි තැලිලයි පූදින මල් තලන්නෙ. Kumaradasa Saputhanthri points out that a toddy tapper extracts the sap of a cut flower in a palm tree even before it sprouts entirely. It’s a directive. Tight rope walking is a play between life and death. Ra is there bread and butter. And then they die with no comfort in life. Like the thal mala that gets crushed half way through its birthing and never gets to see the world outside. The key word ‘thalila’ hints the hardships of those undermined in society. Well he uses, අපේ දුකට හඬන මලේ කඳුලයි පැණි කෙරෙන්නෙ as a metaphor clearly, referring to that only the thal mala tears on behalf of them. Its tears that turn to white liquid (Ra) is what really survives them. No one talks about them now. It’s a matter of selectivity. For one who is meticulously observant would know. Like him.

Saputhanthri comes, in strange ways. This was my fourth time witnessing Sandakadapahana. Taking off from different lyricists to different times the show came to a halt. The commentator thus ended the show: may all beings gain wisdom. Sunil Edirisinghe switched his voice on. It was a song written by Kumaradasa Saputhanthri. The song minisa suwandayi mala se.

The song speaks of man in plenty. A world that gave birth to man, whose wisdom glared like sun and breath so fragrant like of a flower .Subsequently blemished. Ravaged. Stole lives and divided territories. Let us not forget the boxing days we have had. Those days when ordinary shopkeepers were burnt alive, leaving neighbor’s life in turmoil. When people were killed in thousands and thousands. We still live in an era that constitutes civilized bulletins.

Saputhanthri’s lyrics are a timely intervention. Backed by reality and truths.  And of course Sunil Edirisinghe will give voice to his words and keep singing to us. Sunil exists where Saputhanthri is. Hearts blended. We are certainly a blessed nation to have such people anchored by thought and song.


Pamodi Kuruppu

 http://www.nation.lk/edition/insight/item/40167-sunil-saputhanthri-moment.html                                                                                                                                                                                                                                               
 

Wednesday, July 6, 2016

වෙල්ලස්සේ ගීතය සහ පැල්වත්තේ තිත්ත ජීවිත

තීර්ථය ගී රස වින්දන බ්ලොග් පිටුවේ අද දින සාකච්ඡා කෙරෙන්නේ සිංහල ගීත සාහිත්‍යයේ සුවිශේෂී ගීතයකි. රත්න ශ්‍රී විජේසිංහ ගේය පද රචකයාගේ පන්හිඳෙන් ලියැවුණු, ගුණදාස කපුගේ සංගීතඥයාගේ සහ ගායකයාගේ සංගීතයෙන් හා ගායනයෙන් හැඩ වුණු "වෙල්ලස්සේ ගීතය" එම ගීතයයි. සුවිශේෂී ගීතයක් විචාරය කිරීමට සුවිශේෂී ආකෘතියක් අවශ්‍යය. ඒ අනුව අද සටහන ලිඛිත, ශ්‍රව්‍ය මාධ්‍ය එකතුවක් සහ පසු සටහනකින් සමන්විතය





පළමු සටහන

උපුටා ගැනීම " අත්දැකීම්, ගීතය සහ රත්න ශ්‍රී විජේසිංහ" කර්තෘ - අරුණ වේරගල, ප්‍රකාශක - එස්. ගොඩගේ සහ සහෝදරයෝ

වෙල්ලස්සේ ගීතය උපත ලබන්නේ රත්න ශ්‍රී විජේසිංහයන් ලැබූ
පෞද්ගලික අත්දැකීමක් පදනම්ව ය. එවකට රත්න ශ්‍රී ගුරුවරයෙක් ලෙස මොනරාගල සේවය කළේය. බහු ජාතික සමාගමක් පැමිණ පැල්වත්තේ ගොවියන්ගේ ගම් බිම් කොල්ලකා ගැනීමේ සිද්ධිය මේ ගීයේ උපතට මුල් වේ. පැල්වත්තේ ගොවියන් නගරයට පැමිණ මේ සිදුවීම් මාලාවට විරෝධය පළ කරනවා රත්න ශ්‍රී විජේසිංහයන්ගේ ඇස ගැටෙයි. ඔහු ද ගොවීන්ගේ විරෝධතාවයට එක්වෙයි. "බහුජාතික සමාගම් සිඹ පිළිගනිමු' යන බලධාරීන්ගේ මතය ගොවීන්ගේ ගම් බිම් උදුරා ගැනීමට රුකුල් දෙයි. මේ සුවිසල් අසාධාරණය දුටු අත්විඳීම් සජීවීව විඳගත් රත්න ශ්‍රී විජේසිංහයෙඔ වෙල්ලස්සේ ගීතය ලියූහ. "වෙල්ලස්සේ ගීතය" යන හැදින්වීම ගීතයට අන්වර්ථ බව පෙනෙන්නේ වෙල්ලස්සේ වැසියන් මේ ගීතයට දක්වන ආදරය හා ගරුත්වය දකින විටය. ගීතයේ වචන මෙසේය.

බිම්බරක් සෙනඟ ගැවසුන චන්ද්‍ර සූර්යා ඉපදුන
ස්වර්ණ භූමියේ මනරම් මාලිගාව කෝ..
යුද්දෙකට ඇවිත් රුපුසෙන්
සත් මුහුදු මතින් ගුවනින්
කම්බි වටකරේ මනරම් මාලිගාව කෝ.....

මාලිගාව කෝ..

ට්‍රැක්ටරේ යකඩ ගජසෙන් කුංච
නාදයෙන් ඇලලුණ
වෘක්ෂ දේවතාවන් බිම වැටී පන ගසයි..
මිනී මල් පිපුණු සීතල පුන්‍ය භූමියේ ඇටක‍ටු
හතර රියන් කඩ අහිමිව විලාපය නඟයි
විලාපය නඟයි..

බිම්බරක් සෙනඟ ගැවසුන චන්ද්‍ර සූර්යා ඉපදුන
ස්වර්ණ භූමියේ මනරම් මාලිගාව කෝ..
යුද්දෙකට ඇවිත් රුපුසෙන්
සත් මුහුදු මතින් ගුවනින්
කම්බි වටකරේ මනරම් මාලිගාව කෝ..
මාලිගාව කෝ..

කැලෑ මල් පිපී රතු තොල් වලින් කෑ ගසා ඉල්ලන
ජාතියේ නිධානයෙ රන් රුවන් කරඬු කොයි
වෑ කන්ද කඩා බිම් ක‍ටු කම්බියෙන් බෙදා
මේ රණ බිමේ හිස ගසා දමනා කඩුව බිම දමව්..
කඩුව බිම දමව්..

බිම්බරක් සෙනඟ ගැවසුන චන්ද්‍ර සූර්යා ඉපදුන
ස්වර්ණ භූමියේ මනරම් මාලිගාව කෝ..
යුද්දෙකට ඇවිත් රුපුසෙන්
සත් මුහුදු මතින් ගුවනින්
කම්බි වටකරේ මනරම් මාලිගාව කෝ..
මාලිගාව දෝ..

ගායනය - ගුණදාස කපුගේ
සංගීතය - ගුණදාස කපුගේ
පද රචනය - රත්න ශ්‍රී විජේසිංහ
 


වෙල්ලස්සේ ගීතය පසුකාලීන ව සංවිධානය වූ ඇතැම් විරෝධතා ව්‍යාපාරවල පවා ගායනා විණි. මෙම ගීතය ලිවීම සඳහා රචකයා ආභාෂය ලබා ගන්නේ රත්නපුර සමන් දේවාලය ආශ්‍රිතව පවතින පැරණි ජන කවියකිනි.

හෙළ මුදුනෙන් බැස්ස කලට පෙනේය උළු      මාලිගාව
බිම්බරකුත් සෙනග ඇවිත් රුවට කෙරෙව්        මාලිගාව
දිවා රැයේ අඳුර නසා රන් කොත් බබලන             සුබාව
ලංකාවට තිලකයක් ය සබරගමුවෙ                 මාලිගාව
 
මෙම ජනකවියේ වචන ගීයේ ස්ථායි කොටසේ සඳහන් ව ඇත්තේ සටන් කවි ආරට ය.
 
යුද්දෙටත් ඇවිත් සිඳුපිට නැව් නැඟලා පරංගි
උන් නමුත් ඇවිත් කොළඹට ගොඩ බැහැලා
 
යන සටන් කවියේ ආලෝකය ගීතයට ලැබී ඇත.
 
 
"ගුණදාස කපුගේ මෑත අවදියේදී ගැයූ ගීවලින් ඉතාමත් සාර්ථක ගීය ලෙස අවිවාදයෙන් පිළිගැනෙන ගීය වෙල්ලස්සේ ගීතයයි. එකී ගීතයේ ස්වර රචනයත් ගායනයත් ඔහුගේ ම ය. පද රචනය රත්න ශ්‍රී විජේසිංහගේ ය. වෙල්ලස්සේ ගීතයේ ස්වර රචනය අපූරව ගුණයකින් පිරී ඇත. පැරණි හේවා පන්නයක රණ බිමින් නැඟෙන ඉතිරි වූ කාහල නාදයක් ඒ තුළ නින්නාද වනු ඇසේ. අප ගීතයක් ශ්‍රවණය කරනුයේ විවේකය විනෝදයෙන් ගත් කිරීමට ම නොවේ. සහෘද සිත්හි නව ආකල්ප සහ ජීවන දර්ශනයන් පුබුදු කිරීමට ඕනෑම කලා මාධ්‍යයකට හැකිය."
 
මහාචාර්ය සුචරිත ගම්ලත් සූරීහු මේ ගීතය පිළිබඳ විචාරයක් සපයමින් මෙසේ සිය අදහස් පළ කරති.

" මේ ගීය රචනා කොට තිබෙන්නේ පැලවත්තේ සිද්ධිය බැහැර සිට නිරීක්ෂණය කොට නො ව විපතට පත් ගොවීන්ගේ කඳවුර සිට ය. එහිදී කවියා ගොවීන් සමඟ අනන්‍ය වෙයි. ගොවීන්ගේ ආත්මය ඔහුගේ ආත්මය නමැති සුවිශද කැටපතෙහි පිළිබිඹු වෙයි.

මෙහිදී ගොවියෝ කුමක් කෙරෙත් ද? තමාට අහිමි කරන ලද ගම්බිම්, ගේ දොර, ගහකොළ, සහ සතුන් සිහිව වැළපෙති.


බිම්බරක් සෙනඟ ගැවසුන චන්ද්‍ර සූර්යා ඉපදුන ස්වර්ණ භූමියේ මනරම් මාලිගාව කෝ..

ජාතියේ නිධානයෙ රන් රුවන් කරඬු කොයි ?
 
අහිමි වී ගිය මෙලොව පැවැති අනර්ඝත ම දෙය ලෙස ගොවීන්ට හැඟෙයි.
සෙනඟ නම් ප්‍රථම නිෂ්පාදන බලවේගයයි. මේ ගම්බිම්වල එබඳු සෙනඟ බිම්බරක් ගැවසුණහ. "බිම්බර" යන්න ගැවසුණු සෙනෙඟෙහි අසීමිත භාවය හඟවන්නකි. ගොවියාට සාමූහිකත්වය අවශ්‍ය හෙයින් සෙනෙඟ අවශ්‍යයි. එහෙයින් සෙනෙඟ ඔහුට අගනා වස්තුවක් වේ.

මාලිගාව කෝ? යන්න ගොවියාගේ හද පතුළෙන් නැඟි ශෝකී උක්තියකි.
සූර්යයා ගොවියාගේ වගාවටත් ගොවියාටත් වැඩීමට සහ යැපීමට අවශ්‍ය පෝෂණ පදාර්ථ සපයයි. වැඩ කිරීමට දවස උදා කරයි. ඔහු වෙහෙසට පත් සඳ සැඩ කිරණ හකුලා ගෙන අවරට බහී.


චන්ද්‍රයා තුරු සිදුරෙන් පෙරා එවන නිමල් සඳ පහනින් උදේ සිට රෑ වනතුරු චණ්ඩ සූර්යය තාපයෙන් තැවී දැවුණු ගොවියාගේ ගත සිහිල් කරයි. සිත සැනසුම් කරයි. මෙලෙස සූර්යයා හා චන්ද්‍රයා සමඟ ගොවියාගේ ජීවිතය බැඳී ඇත. තමාගේ සම්භාවනාවට පත් චන්ද්‍රයා සහ සූර්යයා තම බිමෙහි උපන් බව කීමෙන් ඔහු මේ තමාගේකම හඟවයි. නැතිවූ බිම ගොවියාට ස්වර්ණ භූමියකි. රන් නම් මෙලොව ඇති අගනාම වස්තුව යි. අන් සෑම දෙයකම අගය මැකෙන්නේ එයිනි. නැතිවූ බිම රන්මුවා බිමක් සේ ගොවියාට හැඟෙයි. "ස්වරණ භූමිය" යන්න ගොවියා හා පොළොව අතර ඇති අවියෝජනයීය බැම්මත් ඔහු පොළොවට දක්වන අනර්ඝතා හැඟීමත් හකුලා දක්වන්නකි.

තමාගේ නැති වී ගිය නිවාසය ගොවියාට පෙනෙන්නේ මාළිගාවක් ලෙසත්ය. මාළිගාවක් නම් ස්වර්ණ රජත, මුතු මාණික්‍ය ගවමහීසාදී භව බෝග සම්පත් රැස් වී තිබෙන තැනකි. කවියා කියන්නේ ගොවියාගේ පැල් කොටය තුළ මේවා පැවති බව නො ව ගොවියාට තම ගෙපැළ මාළිගාවක් මෙන් වටිනා බව ය.

මාළිගාව කෝ?
යන්නෙන් මේ සියල්ල සිහි වන විට ගොවියාගේ සකල විධ අධ්‍යාත්මය පුරා ඇවිලෙන ගිනි ජාලාව අපට පසක් නොවන්නේ ද?
අනතුරුව ගොවියාට සිහිවන්නේ බහුජාතික සමාගමේ කුලීකාර කොන්ත්‍රාත්කරුවන් තම ගම්බිම් සමතලා කළ ප්‍රචණ්ඩ ආකාරයයි.

යුද්දෙකට ඇවිත් රුපුසෙන් සත් මුහුදු මතින් ගුවනින්
කම්බි වටකරේ
මනරම් මාලිගාව දෝ?
 
මෙහි 'මාළිගාව දෝ?' යන්න සිදු වූ විනාශය ගැන ගොවියා තුළ උපන් ශෝකාකූල විස්මය පළ කරන යෙදුමකි.

තම මුතුන් මිත්තන්ගේ මිනී වළවල් පවා උගුළුවා විසිකෙරෙන සැටි ගොවියාට පෙනෙයි. 'විලාපය නඟයි' යනුවෙන් මෙහිදී ගොවියා තුළ හටගත් වේදනාව ධ්වනිත වෙයි.
තම පණ නල රැක දුන් වෑ කන්ද කඩා ඇත. බැලූ බැලූ අත භූමිය කම්බි ගසා කොටු කර ඇත.

ගොවියා කුමක් කරන්න ද? ඔහුට මේ විපත දූරිභූත කළ හැකි ද? නොහැකිය. ගොවියා මුහුණ පා සිටින්නේ තමාට වඩා දහස් ගණනක් බලවත් සතුරෙකුට ය. ඔහුට කළ හැකි එක ම දේ කිම? සුසුම් හෙළීම හා වැළපීම පමණි.

මේ රණ බිමේ හිස ගසනා
කඩුව බිම දමවු

මේ අයැදීම ඉටු වේවි ද? නැත්තේම ය.
අගනා කලා කෘතියක් වින්දෙමු යන පහන් හැඟීම අප හද විනිවිදී. මේ ගීතය ගීත රචකයා සතු සමාජ දර්ශනය මොනවට පැහැදිලි කරයි."
 
 
ගී මිණි ආර රසවින්දනය
 
බීබීසී සිංහල සේවයේ 'ගී මිණි ආර' වැඩසටහනෙහි විකාශයවූ බිම්බරක් සෙනඟ ගීතය (වෙල්ලස්සේ ගීතය ) රසවින්දනයට සවන් දෙන්න.
 

 
පසු සටහන
 
කෙතෙක් අරගල කලද වෙල්ලස්සේ ගොවීහු සටනින් පරාජය වූහ.
පාලකයින්ගේ උවමනාවන් ඉටුකරමින් බ්‍රිතාන්‍යයේ ස්ථාපිත කරතිබූ බුකර් ටේට් (Booker Tate) නම් සමාගමක් අක්කර 60,000ක පමණ උක්වගාවකින් සහ පැල්වත්තේ දැවැන්ත සීනි කම්හලක් කේන්ද්‍ර කරගනිමින් බුත්තල හා වැල්ලවායේ අක්කර දහස් ගණනාවක් සීනි කර්මාන්තයට පවරා ගැණුනි. පැල්වත්ත සීනි සමාගමේ නින්දගම් වූ බිමෙක සිය දහස් ගණනක් ජනයාට කඹුරන්නට සිදුවිය. වනගත ගම් සිය ගණනක ජනයාට බ්ලොක් යැයි යළි නම් කෙරුණු ජනාවාස කට්ටි වල යාන්ත‍්‍රික ජීවිතයකට යළි හුරුවන්නට සිදුවිය. වැල්ලවාය කරමැටිය ගමේ උප්පැන්නය ද 1985 අවුරුද්දේ සිට වෙනස් වූ අතර ගම්මුන්ගේ කටට නුහුරු බ්ලොක් 03 නම් අලූත් නමක් ගමට උරුම විය. 
 
රජයෙන් ලබා දෙන ලද සහනාධාර මත යැපෙමින් ලංකාවේ මිනිසුන්ට වැඩි මිළට සීනි විකුණමින් මෙම සමාගම ටික කලකට පසු විකුණා දැමූ බූකර් ටේට් රටින් පිට වුණේ ය. ඒ වෙනුවට පැමිණි දේශීය ව්‍යවසායකයින් ද බුකර් ටේට්ට වඩා වැඩි වෙනසක් ගෙනාවේ නැත.
 
වනයෙන් යැපෙනු වෙනුවට උක් දඬු සොයා වගා බිම් වෙතද, ඉන් ඔබ්බට ගම්බිම් වෙතට ද කඩා වදින වල් අලි හසුවන සියල්ල විනාශ කර දමති, මිනී මරති. සිඳී ගිය ආරවල ජල කඳුලක් නැත. උක් වගාවට පෙර නොතිබූ වකුගඩු රෝගය ද ගම්මුන් පෙලීමට පටන් ගෙන ඇත.
 
පැල්වත්තේ ජීවිත සීනි තරමට පැණි රස නැත.
 
-පහන්